IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වසරේ පුද්ගලයා ලෙස ග්‍රේටා තන්බර්ග් තෝරා ගනී

ස්වීඩනයේ දේශගුණික විපර්යාස ක්‍රියාකාරිනයක වන 16 හැවිරිදි ග්‍රේටා තන්බර්ග්  ‘වසරේ පුද්ගලයා’ ලෙස ලෝ ප්‍රකට ‘ටයිම්’ සඟරාව විසින් තෝරාගනු ලැබ සිටී.

ග්‍රේටා ‘ටයිම්’ සඟරාවේ ‘වසරේ පුද්ගලයා’ ලෙස තේරී පත්වූ ළාබලතම තැනැත්තා ද වේ.  

ඉකුත් සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුවේදී කරන ලද කතාව නිසා ග්‍රේටා වෙත ජාත්‍යන්තර අවධානය යොමු විය. දේශගුණික අර්බුද සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවට ග්‍රේටා එහිදි ලෝක නායකයන්ට චෝදනා කළාය. පසුගිය සතියේ පැවැති දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව හෙවත් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවේදීද ඇය ලෝක නායකයන්ට චෝදනා කළාය.

“ග්‍රේටා තන්බර්ග් පෘථිවිය මුහුණ දෙන විශාලතම ප්‍රශ්නයේ විශාලතම හඬ බවට පත්වෙලා. ඇය අපේ සංස්කෘතියේ පරම්පරා මාරුවේ මූර්තිය බවට පත්වෙලා. වොෂින්ටනයේ තිබෙන කොංග්‍රසයේත් හොංකොං නුවර ශාලාවත් සෑම තැනකමත් එය සිදුවෙනවා” යැයි ‘ටයිම්’ සඟරාවේ ප්‍රධාන කර්තෘ එඞ්වඞ් ෆෙල්සෙන්තල් සඳහන් කළේය.

සෑම වසරකදීම ටයිම් සඟරාව එම වසරේ වඩාත්ම බලපෑමක් කළ පුද්ගලයා තෝරාගනී. එම පුද්ගලයාගේ ඡායාරූපයක් සඟරාවේ මුල් පිටේ එසේත් නැතිනම් කවරයේ පළ කරයි.

පසුගිය වසරේදී ‘ද ගාඩියන්ස්’ නමැති මාධ්‍යවේදීන් කණ්ඩායමට එලෙස තෝරා ගත්තේය. සිය රාජකාරීවලදී ඔවුහු ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූහ. 2017 වසරේදී ‘ද සයිලන්ස් බ්‍රේකර්ස්’ නමැති කණ්ඩායම් ටයිම් සඟරාවේ කවරයේ පෙනි සිටියේය. එම පිරිස ලිංගික අව හැසිරීම් අනාවරණය කළ පිරිසකි.

පසුගිය වසර ත්‍රිත්වයේදීම ටයිම් සඟරාවේ කවරය සැරසූ කිසිවකු ලෝක නායකයන් නොවීමද විශේෂත්වයකි. 2016 වසරේ දී ටයිම් සඟරාවේ පුද්ගලයා බවට පත්වූයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඊට පෙර වර්ෂයේදී එම අවස්ථාව ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල්ට හිමිවිය. ජනප්‍රිය නොවන එහෙත් කා අතරත් කතාබහට ලක්වූ ඇඩොල්ෆ් හිට්ලර්, අයතොල්ලා කොමේනි සහ ජොශප් ස්ටාලිං යන අය ද ටයිම් සඟරාවේ කවරය සරසා ඇත.

“ අපි එය හඳුන්වන්නේ මේ වසරේ සිදුවීම්වලට හොඳට හෝ නරකට වැඩිම බලපෑමක් කළ පුද්ගලයා ලෙසයි. ඒත් මම ඇත්තටම හිතනවා ‘ටයිම්’ කියන්නේ ලෝකය හැඩ ගැස්සවූ මිනිස්සු සහ අදහස් කියලා. ඒ වගේම වසරේ පුද්ගලයා කියන්නේ ඒ අවුරුද්ද හැඩගැස්සවූ මිනිස්සු කියලා” යැයි මේ සතියේදී ‘සී.එන්.එන්. බිස්නස්’ වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් එඞ්වඞ් ෆෙල්සෙන්තල් පැවැසීය.

සී.එන්.එන්. ඇසුරිනි  

ඡායාරූප ඒ.එෆ්.පී/රොයිටර්ස් 

055



අදහස් (1)

වසරේ පුද්ගලයා ලෙස ග්‍රේටා තන්බර්ග් තෝරා ගනී

විජිත් Wednesday, 11 December 2019 08:05 PM

වයස අවුරුදු 16 වුණාට.. පරිසරය, පරිසර හානිය, හානිවන ක්‍රම... ගැන මනාවූ දැනීමක් ඇති මේ දියණිය වැනි තව තවත් දියණියන්, පුතුන් බිහිවේවා. තව අවුරුදු 11කින් පමණ සිදුවන පරිසර දාම විනාශය නැවත ආපස්සට හැරවිය නොහැක්කක් බව ඇය එක්සත් ජාතීන් හමුවේ කියද්දී මුළු ලෝකයේම නායකයින්ගේ " යටි සිත් " ඉකි බිඳ හඬපු බව හොඳින්ම පෙනුණා. මේ පරිසර හානියෙන් අපේ ලෝකය මුදා ගැනීමට ඔබට තව තවත් දිරිය ශක්තිය ලැබේවා දුවේ...!!!

:       1       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site