ස්ලොවැකියාවේ නැගෙනහිර ප්‍රෙසෝව් නගරයේ මහල් නිවාසයක ගෑස් නලයක් පිපිරීමෙන් පස්දෙනකු මියගොස් තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලේ පස්වන මහලේ සිට ඉහළට ගින්න පැතිරී ඇති අතර වහල සහ පඩිලෙක් කඩා වැටී ඇතැයි බලධාරීහු පවසති.
ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමක් ඇති බව ගිනි නිවන අංශ අනතුරු අඟවා ඇත.
අඩ සියවසක කාලය තුළ නගරයේ සිදුවූ විශාලම ඛේදවාචය මෙය බව නගරාධිපති ඇන්ඩ්‍රෙයා පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd