විශාම වැටුප් කප්පාදු කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරුද්ධව දහස් ගණන් වෘත්තිකයන් පැරිස් නගරට මධ්‍යයට එක්වී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ.
දශක ගණනාවකින් පසු ප්‍රංශයේ පැවැත් වූ විශාලම විරෝධතාවය බව මාධ්‍ය වාර්තා කර ඇත.
ගුරුවරුන්, නීතීඥයින්, ප්‍රවාහන සේවකයින්, තරුණ තරුණියන් ඇතුළු බොහෝ පිරිස් විරෝධතාවයට එක්ව සිටිති.
පොලිසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
රටපුරා වැඩවර්ජනයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින අතර දුම්රිය, බස් ධාවනය හා ගුවන් සේවා අඩපණ වී ඇත.
ජනපති මැක්‍රොන් පවසන්නේ දැනට පවතින විශ්‍රාම වැටුප් පද්ධතිය අසාධාරන සහ මිල අධික බවයි.
සෑම විශාමිකයෙකුටම සමාන අයිතිවාසිකම් ඇති තනි පද්ධතියක් ඇති කිරීමට ඔහු සැලසුම් කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd