න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් අමෙරිකාව සහ රුසියාව සමග ප්‍රතිපත්ති රාමුවකට එළඹීම චීනය ප්‍රතික්ෂේප කරයි.
චීන විදේශ කටයුතු ආමාත්‍යංශය මේ බව නිවේදනය කළේය.
2021 වසරේදී අවසන් වීමට නියමිත න්‍යෂ්ඨික අවි අඩු කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් යන මහත්වරුන් අතර පැවැත්වුණි.
අවි පාලනය සම්බන්ධයෙන් චීනය වැනි වෙනත් පාර්ශ්ව ද පුළුල් සාකච්ඡාවලට එළඹෙනු ඇති බවට අමෙරිකාව විශ්වාස කරන බව මයික් පොම්පියෝ සඳහන් කළේය.
කෙසේ වෙතත් එවැන්නකට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන බව මයික් පොම්පියෝගේ අදහස උපුටා දක්වමින් චීනය පැවසීය.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් එක්ක මෙයා යන පාරේ ගියොත් ඉතාලියේ පොම්පේ නගරයට සිදුවූදේ තමා වෙන්නේ.