අඛණ්ඩව සිවුවැනි මාසයටත් චීනයේ අපනයන පහත වැටී ඇති අතර එසේ වුවත් එරට ආනයන ඉහළ ගොස් තිබේ.
ඉකුත් නොවැම්බර් මාසයේදී චීනයේ අපනයන සියයට 1.1කින් පහත වැටී තිබෙන අතර ඔක්තෝබර් මාසයේදී සියයට 0.9කින් අපනයන පහත වැටිණි. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ තිබෙන වෙළෙඳ යුද්ධය උග්‍ර අතට හැරෙමින් තිබෙන අවස්ථාවක මෙලෙස චීනයේ අපනයන පහත වැටී තිබේ.
චීනයේ අපනයන අඩු වීමෙන් ගෝලීය ඉල්ලුම අඩු වී ඇති බව පෙනී යයි.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය චීනයේ අපනයන සියයට 0.8කින් අඩු වේ යැයි අපේක්ෂා කළ නමුත් චීනය නිකුත් කළ නිල දත්තවලට සාපේක්ෂව තත්ත්වය බරපතළ අතට හැරී තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ආනයන සියයට 0.3කින් ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් ඊට පෙර මාස හයේදී චීනයේ ආනයන ද පහළ වැටිණි. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මඟින් කරන ලද විශ්ලේෂණයට අනුව චීනයේ ආනයන සියයට 1.4කින් පහත වැටෙනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබිණි.
චීනය සහ ඇමෙරිකාව අතර වෙළෙඳ හිඟය ඉකුත් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 26.42 සිට ඩොලර් බිලියන 24.61ක් දක්වා පහත වැටුණු අතර එම නිසා ඇමෙරිකාව කෝපයට පත්ව ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය වසරේදී වෙළෙඳ යුද්ධයක් ඇතිවිය. ඇමෙරිකාව සහ චීනය අතර ඇති වූ වෙළෙඳ යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළවල කැලැඹීමක් ඇති කළ අතර ආයෝජකයන්ගේ විශ්වාසය ද පහත දැමුවේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd