IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සෝමාලියාවේ මොගඩිෂු හි හෝටලයකට පහරදුන් 5 දෙනා මරා දමයි

සෝමාලියානු ආරක්ෂක අංශ සහ අල් ෂබාබ් සටන්කරුවන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී එම සංවිධානයේ තුවක්කුකරුවන් 5 දෙනකු මියගිය බව එරට පොලිසිය පවසයි.

අඟහරුවාදා (9) රාත්‍රියේ මොගඩිෂු හි ජනාධිපති නිවස අසළ හෝටලයකට පහරදී සිවිල් වැසියන් තිදෙනකු සහ සෙබළුන් දෙදෙනකු ඝාතනය කළ තුවක්කුකරුවන් පිරිසකට මෙලෙස ආරක්ෂක අංශ වෙඩි තබා තිබේ.

ප්‍රහාරයෙන් 11 දෙනකු තුවාල ලබා ඇත. ප්‍රහාරය අතරතුර සිල් හෝටලයේ රැඳී සිටි නිලධාරීන් ඇතුළු 82දෙනකු බේරාගත් බව පොලිසිය සඳහන් කරයි.

ජනාධිපති නිවස අසළ හෝටලයට ප්‍රහාර එල්ල කළේ තම සංවිධානයේ සටන්කරුවන් බව අල් ෂබාබ් සංවිධානය නිවේදනය කර ඇත.

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාමිය සටන්කාමී කණ්ඩායමක් වන අල් ෂබාබ්, සෝමාලියාවේ රජය පෙරළා දැමීමේ අරමුණින් සටන් මෙහෙයවති.

කලක් සෝමාලියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළ ඔවුහු 2011 වසරේදී මොගඩිෂු වෙතින් පලවා හැරියද සෝමාලියාවේ හා කෙන්යාවේ ස්ථාන වලට නිරන්තරයෙන් පහර දෙති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

සෝමාලියාවේ මොගඩිෂු හි හෝටලයකට පහරදුන් 5 දෙනා මරා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site