චීනය විසින් උයිගුර් මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් රඳවා තබාගැනීම හා ඔවුන්ට වද හිංසා පැමිණවීමට එරෙහිව ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පනතක් සම්මත කරගෙන ඇත.
මෙම පනත බලාත්මක වීමට නම් ඇමරිකානු සෙනේට් මණ්ඩලයේ හා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය එයට හිමිවිය යුතු අතර මේ සම්බන්ධව චීනය දැඩිලෙස කෝපවී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පනත ද්වේශ සහගත එකක් ලෙස හඳුන්වා ඇත.
උයිගුර් මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය වන බව ඇමරිකාව පවසයි.
මේ සම්බන්ධව චෝදනා ලැබූ චීන බලධාරීන්ට සම්බාධක පැණවිය යුතු බවටද ඇමරිකාව යෝජනා කර සිටියි.
උයිගුර්වරුන්ට එරෙහි අපයෝජන හෙළා දකින ලෙසත් ඔවුන් රඳවා ඇති සියලු කඳවුරු වසා දමන ලෙසත් මානව හිමිකම් වලට ගරු කිරීම තහවුරු කරන ලෙසත් මෙම පනත මගින් ජනපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ.
කෙසේවුවද චීනය පවසා ඇත්තේ ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම ඇමරිකාව විසින් නොකළ යුතු බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්න්ගේ රටවලට ඇඟිලි ගහන්න ඔයාලා කවුද? චීනයට අයිසිස් ප්‍රහාර අාපු වෙලාවේ චීන මිනිස්සු තමයි මැරුනේ... එයාලා කරන දෙයක් කරයි ඔයාලා කලබල වෙන්න එපා.
සුද්දොන්ට තියෙන්නේ පුදුම අමාරුවක්. ඔවුන් ගහනකොට හොඳයි. අර බ්‍රිතානයේ පිහිකාරයා අල්ලගන්න පුළුවන්කම තියෙද්දී තමයි වෙඩි තියලා මරලා දැම්මේ...