නයිජීරියාවට ඔබ්බෙන් මුහුදේදී බොරතෙල් ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලයේ 19 දෙනකු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ඉන්දියානුවන් 18 දෙනෙකු සහ තුර්කි ජාතිකයෙකි.
කාර්යමණ්ඩලයේ තවත් හත්දෙනකු යාත්‍රාවේ රැඳී සිටින අතර යාත්‍රාවට හෝ භාණ්ඩ වලට හානියක් සිදුවී නැතැයි බලධාරීහු පවසති.
ග්‍රීක නැව් සමාගමකට අයත් නැව හොංකොං ධජය සහිතව යාත්‍රා කර තිබේ.
සමුද්‍රීය ආරක්ෂණ නිලධාරීන් පවසන්නේ නැව් හිමියන්ගෙන් කප්පම් ලබා ගැනීම සඳහා කොල්ලකරුවන් විසින් මෙලෙස කාර්යමණ්ලයේ සාමාජිකයින් පැහැර ගන්නා බවයි.
නැව් සමාගම පවසන්නේ කාර්යමණ්ඩල සාමාජිකයින් 19දෙනා ආරක්ෂිතව ගෙන්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd