බොස්නියාවේ සරණාගත කඳවුරක දැඩි ශීත කාළගුණය සමග පොරබදිමින් සිටි සංක්‍රමණිකයන් පිරිසක් ජාත්‍යන්තර බලපෑම් හමුවේ වඩාත් සුදුසු නවාතැනකට ගෙනයෑමට බලධාරීන්ට සිදුවී ඇතැයි වාර්තා වේ.
බොස්නියාවේ වයඹ දිග නගරයක් වන බිහාක් අසල වනාන්තර පෙදෙසක පිහිටි වුක්ජැක් කඳවුරේ සංක්‍රමණිකයන් 600ක් පමණ සිටින අතර එහි ජලය සහ විදුලිය නොමැති බව සඳහන් වේ.
මේ හේතුවෙන් කඳවුර වසා දමන ලෙස ආධාර කණ්ඩායම් දිගු කලක් තිස්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
1990 දශකයේ යුද්ධ වලින් ඉතිරි වූ බිම් බෝම්බ වලින් මෙම වනාන්තරය පිරී ඇත.
බොස්නියවේ අගනුවර සරජෙවෝ අසල පිහිටි ස්ථනයක් සංක්‍රමණිකයන්ගේ නව වාසස්ථානය වනු ඇත. දැඩි පොලිස් ආරක්ෂාව මැද බස් රථ හතකින් සරණාගතයින් නව වාසස්ථානයට රැගෙන ගිය බවත් මාධ්‍යවේදීන්ට කඳවුරට ඇතුළු වීම සීමා කර තිබූ බවත් සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd