මෙක්සිකෝවේ ජනාධිපති මන්දිරය අසල සිදුවූ වෙඩිතැබීමකින් හතරදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇත.

ජනපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් මෙක්සිකෝ නගරයෙන් පිටත සංචාරයක යෙදෙමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ.

මාළිගාව අසල ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකු පිස්කෝලයකින් අසල සිටි අයට වෙඩිතබා ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය තුවක්කුකරු වෙත එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් ඔහු මියගොස් ඇත.

මෙම ගොඩනැගිල්ලේ දොරටුව විවෘත වන පටු කොටස ජනාධිපති මන්දිරයේ කාර්ය මණ්ඩලය සහ වාර්තාකරුවන් පමණක් භාවිතා කරන බව ද පොලිසිය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)