IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘දකුණු ආසියාවේ සහයෝගීතාව වර්ධනයට තර්ජන එල්ල වෙලා’

දකුණු ආසියානු කලාපයේ සහයෝගීතාව වඩ වඩාත් වර්ධනය කිරීම සඳහා ඉන්දියාව ක්‍රියාමාර්ග ගත්ත ද ඊට තර්ජන එල්ල වී ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානයට (‘සාර්ක්’) වසර 35ක් පිරීම නිමිත්තෙන් ඊට සුබ පැතුම් එක්කර ලිපියක් යවමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කර ඇත.

‘සාර්ක්’ සංවිධානයේ රටවල් අතර සහයෝගීතාව ඇති කිරීම ඉන්දියාව පියවර ගත්තත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ තර්ජන හේතුවෙන් එම ක්‍රියාමාර්ගවලට අභියෝග එල්ල වී ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ලිපිය මඟින් වක්‍රාකාරයෙන් පාකිස්තානයට චෝදනා එල්ල කර ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.

ත්‍රස්ත පීඩා සහ ඊට සහාය දෙන්නන් පරාජය කිරීම සඳහා කලාපයේ සියලු රටවල් පලදායී පියවර ගත යුතු යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශුභාශිංසන ලිපියේ සඳහන් කර ඇත.

එවැනි ක්‍රියාමාර්ගවලින් ශක්තිමත් සාර්ක් සංවිධානයක් නිර්මාණය කරන බවත් සංවිධානය තුළ විශ්වාසය ජනනය කරන බව ද හෙතෙම කියයි.

“සාර්ක් සංවිධානය ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. එහෙත් බොහෝ දේ කළ යුතුයි. සංවිධානය තුළ වැඩි වැඩියෙන් සහයෝගීතාව ඇති කිරීම සඳහා අපි ක්‍රියාමාර්ග රැසක් ගත්තා. එහෙත් දිගින් දිගටම ඒවාට අභියෝග එල්ල වුණා. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ විවිධ තර්ජන එල්ල වුණා” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

“එවැනි පරිසරයක් නිසා ‘සාර්ක්’ සංවිධානයේ සම්පූර්ණ අරමුණු ඉටු කරගැනීමට බාධා එල්ල වෙනවා. ඒ නිසා ත්‍රස්තවාදය සහ ඊට සහාය දක්වන කණ්ඩායම් පරාජය කිරීමට කලාපයේ සියලු රටවල් පලදායී පියවර ගත යුතු” යැයි අග්‍රාමාත්‍ය මෝදි යැවූ ලිපියේ සඳහන් වේ.

පසුගිය වසර තුනක කාලයේදී ඉන්දියාව ‘සාර්ක්’ සංවිධානයෙන් ඈත්වන ස්වභාවයක් දක්නට ලැබිණි. කලාපයේ ත්‍රස්ත ජාල, විශේෂයෙන්ම පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානවලින් එල්ල වන තර්ජන නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් ඇතැයි ඉන්දියාව අඛණ්ඩව පැවැසීය.

“දකුණු ආසියානු කලාපය තුළ සහයෝගීතාව සහ සබඳතාව වැඩි කිරීම සඳහා ‘සාර්ක්’ සංවිධානය ස්ථාපිත කරන ලදි. කලාපයේ රටවල සංවර්ධනය සහ ප්‍රගතිය වැඩිදියුණු කිරීම එහි ප්‍රමුඛතම අරමුණු විය. ඉන්දියාව දිගින් දිගටම සාර්ක් සංවිධානයට සහයෝගය දක්වනවා. විවිධ අංශවලින් සමීප සහයෝගීතාව ඇති කරගැනීම සඳහා ඉන්දියාව අඛණ්ඩව සාර්ක් සංවිධානයට සහයෝගය දෙනවා” යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සඳහන් කර ඇත.

‘සාර්ක්’ සංවිධානයේ සමුළු දෙවසරකට වරක් පැවැත්වෙන අතර අක්ෂරමාලාවේ පිළිවෙළට සාමාජික රටවලදී සමුළු පැවැත්වෙයි. සමුළුවේ සත්කාරකත්වය හොබවන සාමාජික රට දෙවසරක කාලයක් සඳහා ‘සාර්ක්’ සංවිධානයේ සභාපති ධුරය හොබවයි. 2014 වසරේදී නේපාලයේ කත්මණ්ඩුහිදී ‘සාර්ක්’ සමුළුව පැවැති අතර 2016 වසරේදී පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී සමුළුව පැවැත්වීමට නියමිතව තිබිණි.

කත්මණ්ඩු අගනුවර පැවැති ‘සාර්ක්’ සමුළුවට අග්‍රාමාත්‍ය මෝදි සහභාගී වූයේය.

2016 වසරේ සැප්තැම්බර් 18 වැනිදා ජම්මු සහ කාශ්මීරයේ ඌරීහි පිහිටි ඉන්දීය හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එම තත්ත්වය පාකිස්තානයේ පැවැත්වෙන ‘සාර්ක්’ සමුළුවට සහභාගී නොවන බව ඉන්දියාව සඳහන් කළේය.

බංග්ලාදේශය, භූතාන සහ ඇෆ්ගනිස්තානය ද සමුළුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ අතර එම නිසා ඉස්ලාමාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාර්ක් සමුළුව අවලංගු කෙරුණි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා  ඇසුරිනි)
 
 055

 



අදහස් (0)

‘දකුණු ආසියාවේ සහයෝගීතාව වර්ධනයට තර්ජන එල්ල වෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site