මධ්‍යම ඇමෙරිකානු රට වලට ලබාදෙන ආධාර කපා හැරීමට තීරණයක් මධ්‍යම ඇමෙරිකානු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් එවන බවට චෝදනා කරමින් එම රටවලට ලබාදෙන ආධාර කපා හැරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. 31 March 2019
තලේබාන් කැරළිකරුවෝ පොලිස් නිලධාරීන් 9ක් ඝාතනය කරති ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි නගරයේදී තලේබාන් කැරළිකරුවන් විසින් පොලිස් නිලධාරීන් නවදෙනකු මරාදමා ඇතැයි වාර්තා වේ. 31 March 2019
ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුරකින් 35ක් මරුට ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශවල ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 35දෙනකු පමණ මියගොස් 12දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 30 March 2019
‘චන්ද්‍රිකාවේ සුන්බුන් උඩුගුවනේදීම විනාශ වේවී’ ඉන්දියාව ඉකුත් දා උඩු ගුවනට මිසයිලයක් යවමින් චන්ද්‍රිකාවක් විනාශ කළ අතර එම මෙහෙයුමෙන් ඉතිරි වූ අභ්‍යාවකාශ සුන්බුන් දින 45ක් ඇතුළත විනාශ වී යනු ඇතැයි ඉන්දියාවේ ප්‍රධාන ආරක්ෂක විද්‍යාඥයා පවසයි. 29 March 2019
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා වෙයි ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා විය. 28 March 2019
සරණාගතයින් පැහැරගත් නෞකාව මෝල්ටා බලධාරීන් යටතට සරණාගතයින් පිරිසක් විසින් ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී බදාදා(27) පැහැරගනු ලැබූ යාත්‍රාව දිනකට පසු මෝල්ටා විශේෂ කාර්ය බලකාය විසින් නැවත අත්පත් කරගෙන ඇත. 28 March 2019
ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමකින් ඉන්දියාවේ පාසල් සිසුවෙක් මරුට ඉන්දියාවේ දෙහෙරදන් නගරයේ පාසැලක 7වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට එම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් හිරිහැර කර පහර දී ඝාතනය කර ඇතැයිද පාසල් බලධාරීන් එම මෘත දේහය වළලා ඝාතනය වසන් කර ඇතැයිද පොලිසිය පවසයි. 28 March 2019
බංග්ලාදේශයේ කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් බංග්ලාදේශයේ ඩකා නුවර මහල් 19කින් යුතු ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 28 March 2019
‘‘ඉන්දියාව අභ්‍යාවකාශ බලවතුගෙන් කෙනෙක්‘‘ ඉන්දියාව ලොව ඉහළම තාක්ෂණය සහිත අභ්‍යාවකාශ සුපිරි බලවතුන් කිහිපදෙනාගෙන් කෙනකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් අද (27) ප්‍රකාශ කළේය. 27 March 2019
ඇමරිකාවේ සරම්ප පැතිරේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රොක්ලන්ඩ් ප්‍රදේශයේ සරම්ප රෝගය පැතිරීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ. 27 March 2019
දඩයමට - ගොවිතැනට ඉඩම් අල්ලන්න මාලි රාජ්‍යයේ මරා ගනිති ඩොගෝන් වාර්ගික ප්‍රජාව ජීවත්වන ගම්මානවලට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මාලි රාජ්‍යයේ ප්රචණ්ඩ ක්‍රියා එන්න එන්ම වැඩිවන බවක් පෙනෙන්නට තිබේ. 27 March 2019
ගෝලාන් කඳුකරය ගැන ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිවන්නැයි ඉරාන ජනපති ඉල්ලයි ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව කලාපයේ රටවල් එකමුතු විය යුතු යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී මහතා පැවැසීය. 27 March 2019
අජටාකාශ ඇඳුම් හිඟවීමෙන් ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුමට තිත අජටාකාශ ඇඳුම් හිඟවීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත සිදුකිරීමට සැලසුම් කළ ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුම නවතා දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි. 27 March 2019
ඊශ්‍රාලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර ඊශ්‍රාලය ගාසා තීරයේ හමාස් සංවිධානය ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර බව වාර්තා වේ. 26 March 2019
හිටපු අගමැති නවාස් ෂරීෆ්ට ඇප ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් ලබාදුන් සිරදඬුවම වෛද්‍ය හේතූන් මත අත්හිටුවන ලෙස ඉල්ලමින් පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26 March 2019
ඉරානයේ ගංවතුරෙන් 17 ක් මරුට ඉරානයේ දකුණු දිග ෆාර්ස් පළාතේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 17 දෙනෙකු මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 26 March 2019
ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ ළමයි 10 ක් මරුට ඇෆ්ගන්ස්ථානයේ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනෙක් ඇතුළු ළමයින් 10 දෙනෙක් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවාව වාර්තා කරයි. 26 March 2019
ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපත ආශ්‍රිතව භූකම්පාවක් ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපත ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 5.4 ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. 24 March 2019
නෝර්වේ බටහිර වෙරළට නුදුරින් අනතුරට පත් යාත්‍රාවක මගීන් ඉවතට නෝර්වේහි බටහිර වෙරළට නුදුරින් අනතුරට පත්වූ මගී යාත්‍රාවක ගමන් කරමින් සිටි 1300ක පමණ පිරිසක් ඉවත් කළ බව බලධාරීහු පවසති. 24 March 2019
බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධ ජනමත විචාරණයක් ඉල්ලා මිලියනකට අධික පිරිසක් උද්ඝෝෂණයේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් තීරණය කිරීමට නව ජනමත විචාරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් මිලියනකට අධික පිරිසක් ලන්ඩන් නගරයට එක්වූහ. 24 March 2019
‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය. 24 March 2019
ඝානාවේ බස් රථ අනතුරකින් 50ක් මරුට ඝානාවේ මධ්‍යම කිටම්පෝ නගරයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 50දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.අනතුරින් පසු එක් බස් රථයක් ගිනිගෙන ඇත. 22 March 2019
බෝකෝහරාම් ත්රස්තවාදීහු චැඩ් සෙබලු 23 ක් මරාදමති චැඩ් රාජ්‍යයේ ඩංග්ලා නගරයේදී හමුදා සෙබලුන් 23ක් මරාදමා ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි. 22 March 2019
සිම්බාබ්වේ සුළි කුණාටුවෙන් මියගිය ගණන 259ක් දක්වා ඉහළට සිම්බාබ්වේ දේශය හරහා හමා ගිය ඉඩායි සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 259ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කාර්යංශය පවසයි. 22 March 2019
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට බ්‍රසීලයේ හිටපු ජනාධිපති මයිකල් ටෙමර් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව බීබීසී මාධ්‍ය වාර්තා කරයි. 22 March 2019
ඇතැන්ස් නුවර රුසියානු තානාපති කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක් මෝටර් බසිසිකලයකින් පැමිණි පිරිසක් ග්‍රීසියේ ඇතැන්ස් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි රොයිටර් මාධ්‍ය වාර්තා කරයි. 22 March 2019
චීනයේ රසායනික කම්හලක ඇතිවූ පිපිරීමකින් 6 ක් මරුට චීනයේ නැගෙනහිර යැංචෙන්ග්හි රසායනික කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් හයදෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. 21 March 2019
ලොව ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රට ෆින්ලන්තයයි ලොව සතුටින්ම ජීවත්වන රටවල් අතරින් ෆින්ලන්තය නැවතත් ඉදිරියෙන් සිටීමට සමත් වී ඇත. 21 March 2019
එවරස්ට් කන්ද නගිද්දී මිය ගිය අයගේ සිරුරු හිම දියවීමෙන් නිරාවණය වේ එවරස්ට් කඳු මුදුනේ හිම තට්ටු යට දීර්ඝ කාලයක් තිස්සේ සංරක්ෂණය වී තිබූ මියගිය කඳුනගින්නන්ගේ සිරුරු හිම දියවීම හේතුවෙන් නිරාවරණය වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. 21 March 2019
කසකස්ථානයට නව ජනාධිපතිවරයෙක් කසකස්ථානයේ නව ජනපතිවරයා ලෙස කස්සිම් ජොමාර්ට් ටොකයෙව් මහතා වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026