ඉවතලන කසළවල ඇති ප්ලාස්ටික් සහ පොලිතින් යොදාගනිමින්, ගඩොල් කැට නිපදවීමට ඉන්දියාවේ ජද්වපූර් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අභිෂේක් බැනර්ජි සිසුවා සමත්වී ඇත.

කසළ රැස්කරන්නන් සමඟ එක්ව ප්ලාස්ටික් ජල බෝතල් සහ මලු රැස් කළ ඔහු ඒවා පිරිසිදු කර, පීඩනයට ලක්කර මෙම ප්ලාස්ටික් ගඩොල් කැට සාදා තිබේ.

එක් ගඩොලක් නිපදවීමට රුපියල් 5ක් පමණ (ඉන්දීය රුපියල් 10ක්) වැය වන බවද ඔහු පවසයි. මෙම ගඩොලක කිලෝ 1.6ක ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇතුළත් වේ.

මෙම ගඩොල් යොදා ගොඩනැගිලි ඉදිකිරීම ගැන තවමත් පරීක්ෂණ කෙරෙමින් පවතී.

(සී එන්එන් ඇසුරිනි)
 

16844