කොංගෝවේ නැගෙනහිර ඉබෝලා ප්‍රතිචාර මධ්‍යස්ථාන දෙකකට සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හතරදෙනකු මියගොස් තවත් කිහිපදෙනකු තුවාල ලැබූහ.
මායි මායි ලෙස හඳුන්වන සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව බලධාරීහු පවසති.
මියගිය අය අතර එන්නත් කණ්ඩායමක සාමාජිකයෙකු, රියදුරන් දෙදෙනකු සහ පොලිස් නිලධාරියෙකු සිටිති.
දරුණු ලෙස ඉබෝලා රෝගය පැතිරී ඇති කොංගෝවේ සිදුවන මෙවැනි ප්‍රහාර හේතුවෙන් රෝගය පාලනය කිරීමට ගන්නා උත්සාහයට දැඩි බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කරයි.
සටන්කාමීන්ගෙන් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම පිළිබඳව කොංගෝ හමුදාව සහ ඇමරිකානු සාම සාධක භටයින් කෙරෙහි විරෝධතා මතුවී ඇත.
එහි ප්‍රතිපලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් අරමුදල පසුගිය අඟහරුවාදා බෙනී නගරයෙන් ඉබෝලා වසංගතයට ගොදුරුවූවන් සම්බන්ධව කටයුතු කරන කාර්යමණ්ඩලයේ බොහෝ පිරිසක් ඉවත්කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොංගෝවේ ඉබෝලා මධ්‍යස්ථාන 2 කට එල්ල වූ ප්‍රහාරයකින් 4 ක් මරුට
රවින් Friday, 29 November 2019 01:23 AM
බාර දෙන්න මේ වැඩෙත් අපේ සාම සාදක කොල්ලන්ට. ත්‍රස්ත මැඩලීම ගැන වෘත්තිමය පුහුණුවක් හැමෝටම තියනවා.