කොංගෝවේ නැගෙනහිර ඉබෝලා ප්‍රතිචාර මධ්‍යස්ථාන දෙකකට සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හතරදෙනකු මියගොස් තවත් කිහිපදෙනකු තුවාල ලැබූහ.
මායි මායි ලෙස හඳුන්වන සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව බලධාරීහු පවසති.
මියගිය අය අතර එන්නත් කණ්ඩායමක සාමාජිකයෙකු, රියදුරන් දෙදෙනකු සහ පොලිස් නිලධාරියෙකු සිටිති.
දරුණු ලෙස ඉබෝලා රෝගය පැතිරී ඇති කොංගෝවේ සිදුවන මෙවැනි ප්‍රහාර හේතුවෙන් රෝගය පාලනය කිරීමට ගන්නා උත්සාහයට දැඩි බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කරයි.
සටන්කාමීන්ගෙන් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම පිළිබඳව කොංගෝ හමුදාව සහ ඇමරිකානු සාම සාධක භටයින් කෙරෙහි විරෝධතා මතුවී ඇත.
එහි ප්‍රතිපලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් අරමුදල පසුගිය අඟහරුවාදා බෙනී නගරයෙන් ඉබෝලා වසංගතයට ගොදුරුවූවන් සම්බන්ධව කටයුතු කරන කාර්යමණ්ඩලයේ බොහෝ පිරිසක් ඉවත්කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාර දෙන්න මේ වැඩෙත් අපේ සාම සාදක කොල්ලන්ට. ත්‍රස්ත මැඩලීම ගැන වෘත්තිමය පුහුණුවක් හැමෝටම තියනවා.