මෙහෙයුම්වල යෙදී සිටින ඇමරිකානු හමුදා භටයන්ට ස්තූතිය පල කිරීම සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ හදිසි සංචාරයක යෙදී ඇතැයි වාර්තා වේ.
ට්‍රම්ප් මහතාගේ ප්‍රථම ඇෆ්ගනිස්ථාන සංචාරය වන මෙය පූර්ව දැනුම් දීමකින් තොරව සිදුකර ඇත.
බග්රාම් එයාර්ෆීල්ඩ්හි රැඳී සිටි කෙටි කාලය අතරතුර සොල්දාදුවන් හා ඡායාරූප වලට පෙනී සිටි ඇමරිකානු ජනාධිපතිවරයා ඔවුන්ට සංග්‍රහ කළ බවද සඳහන් වේ.
තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සම්මුතියකට එළඹීමට අවශ්‍ය බවත් භට පිරිස් අමතමින් ට්‍රම්ප් මහතා පවසා ඇත.
මේ වනවිට ඇමරිකානු හමුදා භටයින් 13,000ක් පමණ ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින අතර ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ මෙම ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුකරන බවයි.
මෙම සංචාරයේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇෆ්ගන් ජනපති අශ්රෆ් ගානි ද හමුවී ඇත.
සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම අරමුණු කර ගනිමින් තලේබාන් සංවිධානය සමඟ සිරකරුවෙකු හුවමාරු කරගැනීමෙන් පසු මෙම සංචාරය සිදුවිය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd