ජෝර්දානයේ ගොවිපලක ඇති වූ ගින්නකින් පකිස්තාන ජාතිකයින් 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර ළමුන් අටදෙනකු සහ කාන්තාවන් සිව්දෙනකු සිටින බව එරට බලධාරීහු කියති.
ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නගරයට බටහිරින් ග්‍රාමීය පෙදෙසක මෙම ගොවිපල පිහිටා ඇත.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
ගින්නෙන් තිදෙනකු තුවාල ලබා ඇති අතර කම්කරුවන් නැවතී සිටි තාවකාලික නිවාස කිහිපයක් විනාශ වී ඇත.
සංක්‍රමණික කම්කරුවන් දහස් ගණනක් ජෝර්දාන් නිම්නයේ පෞද්ගලික ගොවිපලවල් වල සේවය කරන බව බලධාරීහු කියති.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජෝර්දානයේ ගොවිපලක ඇති වූ ගින්නකින් 13 ක් මරුට