මාලි රාජ්‍යයේ ජිහාඩ් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමකට සහභාගී වූ භටයන් රැගත් හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් එහි ගමන්ගත් ප්‍රංශ සොල්දාදුවන් 13දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ(25) සවස මෙම අනතුර සිදුවී ඇති අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එම සිදුවීම පිළිබඳ සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

මාලි දේශයේ උතුරු ප්‍රදේශ 2012 වර්ෂයේදි ඉස්ලාම් සටන්කාමීන් අල්ලා ගැනීමෙන් පසු දිගින් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය.

ප්‍රංශයේ සහාය ඇතිවයළි එම ප්‍රදේශ මාලි රජය විසින් අත්පත් කරගත්ත ද එහි අනාරක්ෂිත බව තවමත් එලෙසම පවතී.

එසේම ප්‍රචණ්ඩත්වය කලාපයේ වෙනත් රටවලට ද ව්‍යාප්ත වී ඇත.

මෙය කලාපයේ සටන් අතරතුර 2013 වසරෙන් පසු ප්‍රංශ හමුදා ලැබූ විශාලම හානිය බව සඳහන් වේ.
 
 (බීබීසී ඇසුරිණි - 085)