මාසයක පමණ නිහැඬියාවකින් පසුව උතුරු කොරියාව නැවතත් මිසයිල අත්හදා බැලීමක නිරත වී ඇතැයි වාර්තා වේ.
දකුණු කොරියාව පවසන්නේ ඊයේ(28) සවස් කාලයේ දී නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කෙටි දුර ප්‍රක්ෂේපන දෙකක් මුහුදට යොමු කර ඇති බවයි.
මෙම මිසයිල කිලෝමීටර් 97ක උසකින් කිලෝමීටර් 380ක් ගමන් කර ඇතැයි පැවසේ.
මේ සම්බන්දව අදහස් දක්වමින් ජපාන අගමැති ෂින්සෝ අබේ පවසන්නේ උතුරු කොරියාවේ මෙම ක්‍රියාදාමය ජපානයට පමණක් නොව කලාපයට හා ඉන් පිටතට ද තර්ජනයක් බවයි.
තත්ත්වය නිරීක්ෂණය සඳහා ඇමරිකාව, දකුණු කොරියාව හා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සබඳකම් පවත්වන බවත් අබේ මහතා පවසා ඇත.
දකුණු කොරියාවේ ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ උතුරේ ක්‍රියාවලිය සම්බන්ධව දැඩි ලෙස කණගාටුවට පත්වන බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd