(බිඟුන් මේනක ගමගේ) 

ශ්‍රී ලංකාවේ බලධාරින් විසින් පිටුවහල් කරන ලද මාලදිවයින් ජාතිකයකු ත්‍රස්තවාදයට අනුබල දීමේ වරදට ඇෆ්ඝනිස්ථාන අධිකරණය විසින් බන්ධනාගාරගත කරනු ලැබ ඇතැයි මාලදිවයින් පොලිසිය සඳහන් කරයි.

අලි ෂාෆි නමැති මෙම පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලංකාවට පැමිණ ඇතැයි ද පසුව මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඔහු පාකිස්ථානයට පිටුවහල් කර ඇතැයි ද මාලදිවයින් පොලිස් නිවේදන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුව එම තැනැත්තා පාකිස්ථාන දේශ සීමා හරහා ඇෆ්ඝනිස්ථානයට පිවිස එහිදී අයි.එස්. අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සහාය දක්වා ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.

උග්‍ර ආගමික අන්තවාදියකු වන අලි ෂාෆි නමැත්තා 2015 දී අත්අඩංගුවට පත්ව ඇතත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් නිදහස්ව ඇතැයි ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.