සවුදි මිත්‍ර හමුදා පාර්ශවය විසින් හවුති සිරකරුවන් 200ක් නිදහස් කර ඇතැයි වාර්තා වේ.
යේමනයේ වසර පහකට අධික කාලයක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස මෙම පියවර අනුගමනය කර ඇත.
මේ සම්බන්දව අදහස් දක්වමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියා සිටියේ රැඳවියන් 200ක් නිදහස් කරන බව තමන්ට ද දැනුම් දී ඇති බවයි.
රැඳවිහන් සඳහා පහසුකම් සැපයීමට සූදානම් බවද රතු කුරුස සංවිධානය පවසයි. මෙම පියවර අගය කරන බවත් ඉතිරි සිරකරුවන් ද නිදහස් කරන ලෙසත් හවුති උසස් නිලධාරියෙකු ඉල්ලා ඇත.
සටන් විරාමයක් සම්බන්දයෙන් සවුදි අරාබිය හවුති සංවිධානය සමග පසුගිය සැප්තැම්බර් මස අග සිට සාකච්ඡා පවත්වමින් සිටියි.
යේමනයේ අර්බුදය විසඳිම සහ සිරකරුවන් හුවමාරු කර ගැනීම ඇතුළු ස්ටොක්හෝම් ගිවිසුම ඉදිරියට ගෙනයෑම සඳහා අඛණ්ඩව සහයෝගය දක්වන බවද සවුදි අරාබිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd