ජායිෂ් ඊ මොහම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්රස්තවාදියකු ලෙස නම් කරන්නැයි යෝජනාවක්
කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්රස්තවාදියකු ලෙස නම් කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.