IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මියගිය අයි.එස්. නායකයාගේ සහෝදරිය අත්අඩංගුවට

අමෙරිකානු මෙහෙයුමකදී මරණයට පත්වූ අයි එස් සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදිගේ සහෝදරිය සිරියාවේ කඳවුරකදී අත්අඩංගුවට ගත් බව තුර්කි ආරක්ෂක අංශ පවසයි.

සිරියාවේ අසාස් නගරය ආසන්නයේ කළ වැටලීමකදී රම්සියා අවාඩ් නමැති මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සමඟ ඇගේ ස්වාමි පුරුෂයා, ඥාති සහෝදරියක් සහ ඇගේ දරුවන් පස්දෙනා සිටි බව ආරක්ෂක අංශ සඳහන් කළේය.

දරුවන් හැර ඇය සමඟ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා ද ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන තිබේ.

බග්දාදි 2014 වසරේ සිට පසුගියදා මරණයට පත්වන තෙක් අයි එස් සංවිධානයට නායකත්වය සැපයීය.

 

-226-

(ඒ.එෆ්.පී. ඇසුරෙනි)

 



අදහස් (0)

මියගිය අයි.එස්. නායකයාගේ සහෝදරිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site