අමෙරිකානු මෙහෙයුමකදී මරණයට පත්වූ අයි එස් සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදිගේ සහෝදරිය සිරියාවේ කඳවුරකදී අත්අඩංගුවට ගත් බව තුර්කි ආරක්ෂක අංශ පවසයි.
සිරියාවේ අසාස් නගරය ආසන්නයේ කළ වැටලීමකදී රම්සියා අවාඩ් නමැති මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සමඟ ඇගේ ස්වාමි පුරුෂයා, ඥාති සහෝදරියක් සහ ඇගේ දරුවන් පස්දෙනා සිටි බව ආරක්ෂක අංශ සඳහන් කළේය.
දරුවන් හැර ඇය සමඟ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා ද ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන තිබේ.
බග්දාදි 2014 වසරේ සිට පසුගියදා මරණයට පත්වන තෙක් අයි එස් සංවිධානයට නායකත්වය සැපයීය.
-226-
(ඒ.එෆ්.පී. ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd