දේශගුණ වෙනස්වීම් පිළිබඳ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරමින් ලොව පුරා ජාතීන් 153 කට අයත් විද්‍යාඥයින් 11000 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශනයකට අත්සත් තබා ඇත.

බොහෝ විද්‍යාඥයින් අපේක්ෂා කරනවාට වඩා වේගයෙන් දේශගුණ අර්බුදයක් පැමිණ ඇතැයි බයෝසයන්ස් නමැති සඟරාවෙන් එය ප්‍රකාශයට පත්කරමින් ඔවුන් පෙන්වා දී තිබේ.

ඕනෑම විනාශකාරී තර්ජනයක් සම්බන්ධයෙන් මානව වර්ගයාට පැහැදිලිව අනතුරු ඇඟවීමට විද්‍යාඥයින්ට සදාචාරාත්මක බැඳීමක් ඇතැයි එම ප්‍රකාශනයේ දැක්වේ.

මේ සඳහා අනුගමනය කළ යුතු කඩිනම් ක්‍රියාමාර්ග ලෙස ජනගහන වර්ධනය අවසන් කිරීම, පොසිල ඉන්ධන භූගතව තිබීමට අවස්ථාව සැලසීම, වන විනාශය නැවැත්වීම සහ මාංශ අනුභවය වැළැක්වීම යන කරුණු විද්‍යාඥයෝ සඳහන් කරති.

1979 ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වූ පළමු ලෝක දේශගුණ සමුළුවේ 40 වැනි සංවත්සරයට සමගාමීව මෙම ප්‍රකාශනය නිකුත් කර ඇත.

-226-

(ද ගාඩියන් ඇසුරෙනි)