IMG-LOGO

විද්‍යාඥයින් 11000 ක් දේශගුණ වෙනස්වීම් පිළිබඳ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරති

දේශගුණ වෙනස්වීම් පිළිබඳ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරමින් ලොව පුරා ජාතීන් 153 කට අයත් විද්‍යාඥයින් 11000 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශනයකට අත්සත් තබා ඇත.

බොහෝ විද්‍යාඥයින් අපේක්ෂා කරනවාට වඩා වේගයෙන් දේශගුණ අර්බුදයක් පැමිණ ඇතැයි බයෝසයන්ස් නමැති සඟරාවෙන් එය ප්‍රකාශයට පත්කරමින් ඔවුන් පෙන්වා දී තිබේ.

ඕනෑම විනාශකාරී තර්ජනයක් සම්බන්ධයෙන් මානව වර්ගයාට පැහැදිලිව අනතුරු ඇඟවීමට විද්‍යාඥයින්ට සදාචාරාත්මක බැඳීමක් ඇතැයි එම ප්‍රකාශනයේ දැක්වේ.

මේ සඳහා අනුගමනය කළ යුතු කඩිනම් ක්‍රියාමාර්ග ලෙස ජනගහන වර්ධනය අවසන් කිරීම, පොසිල ඉන්ධන භූගතව තිබීමට අවස්ථාව සැලසීම, වන විනාශය නැවැත්වීම සහ මාංශ අනුභවය වැළැක්වීම යන කරුණු විද්‍යාඥයෝ සඳහන් කරති.

1979 ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වූ පළමු ලෝක දේශගුණ සමුළුවේ 40 වැනි සංවත්සරයට සමගාමීව මෙම ප්‍රකාශනය නිකුත් කර ඇත.

-226-

(ද ගාඩියන් ඇසුරෙනි)

 



අදහස් (0)

විද්‍යාඥයින් 11000 ක් දේශගුණ වෙනස්වීම් පිළිබඳ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 659 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 499 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site