IMG-LOGO

තායිලන්තයේ ආරක්ෂක මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් 15 ක් මරුට

තායිලන්තයේ දකුණු දිග යාලේ පළාතේ ආරක්ෂක මුරපොළකට එල්ල කරන ලද ප්‍රහාරයකින් 15 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
මියගිය අය අතර පොලිස් නිලධාරියෙකු ද ග්‍රාමීය ආරක්ෂක ස්වෙච්ඡා සේවකයින් ද සිටිති. 
 
මෙය පසුගිය වසර තුළ තායිලන්තයේ සිදු වූ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සඳහන් වේ.
 
සිද්ධියෙන් හතර දෙනකු තුවාල ලබා ඇති අතර බෙදුම්වාදීන් බවට සැකකරන පිරිසක් විසින් ප්‍රහාර එල්ල කර ඇතැයි බලධාරීහු පවසති.
 
පහරදුන් අය පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි හෙළවී ඇත.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සම්බන්ධව හෝ ඔවුන්ගේ අරමුණ සම්බන්ධව පැහැදිලි තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.
 
තායිලන්තයේ දකුණු දිග ඇතිවූ බෙදුම්වාදී කැරැල්ලක් හේතුවෙන් 2004 වර්ෂයේදී දහස් ගණන් පිරිස් මියගොස් තිබේ.
 
(බීබීසි ඇසුරිණි - 085) 



අදහස් (0)

තායිලන්තයේ ආරක්ෂක මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් 15 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 659 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 500 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site