දූෂණ චෝදනා මත බන්ධනාගාර ගතකර සිටි බ්‍රසීලයේ හිටපු ජනපති ලුයිස් ලුලා නිදහස් වී තිබේ.
අවුරුදු 8ක සහ මාස 10ක සිර දඬුවමක් ඔහුට හිමිව තිබුණද ඉන් වසරක් නිම වීමටත් පෙර නිදහස ලැබූ බව වාර්තා වේ.
අපරාධ නඩු විභාග වල චූදිතයන් නිදහස් කල හැක්කේ අභියාචනා ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව පමණක් බව බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් ඔහුට මෙම නිදහස ලැබී ඇත.
වාමාංශික පක්ෂය නියෝජනය කරන 74හැවිරිදි ලූලා මහතා 2003 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා බ්‍රසීලය පාලනය කළේය.
බන්ධනාගාරයෙන් නිදහස් වී යන ලුලා මහතා රැස්ව සිටි පාක්ෂිකයින් අමතමින් පවසා ඇත්තේ තම නිර්දෝශීභාවය ඉතා ඉක්මණින් ඔප්පු කරන බවයි.
පසුගිය වසරේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලුලා මහතා ජයගනු ඇතැයි අපේක්ෂා කළද සිරගතවීම හේතුවෙන් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි විය.
ජනාධිපතිවරණය ජයගනු ලැබුයේ අන්ත දක්ෂිණාංශික ජයිර් බොල්සනාරෝ විසිනි.

(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ එහෙ ක්‍රියාත්මක වෙන්නෙත් අර හම්බන්තොට සභාපතිට සහ සිල් හොරාට මෙහෙ ක්‍රියාත්මක වුන නීතියට සමාන දෙයක්. ලොකු ලොකු දේශපාලකයන් අවරුදු 10 ක් හිරේ ගියොත් එක අවුරුද්දෙන් නිදහස් වෙලා ගෙදර එන්න පුළුවන්. සාමාන්‍ය මනුෂ්‍යය ඇතුලේ.