දූෂණ චෝදනා මත බන්ධනාගාර ගතකර සිටි බ්‍රසීලයේ හිටපු ජනපති ලුයිස් ලුලා නිදහස් වී තිබේ.
අවුරුදු 8ක සහ මාස 10ක සිර දඬුවමක් ඔහුට හිමිව තිබුණද ඉන් වසරක් නිම වීමටත් පෙර නිදහස ලැබූ බව වාර්තා වේ.
අපරාධ නඩු විභාග වල චූදිතයන් නිදහස් කල හැක්කේ අභියාචනා ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව පමණක් බව බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් ඔහුට මෙම නිදහස ලැබී ඇත.
වාමාංශික පක්ෂය නියෝජනය කරන 74හැවිරිදි ලූලා මහතා 2003 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා බ්‍රසීලය පාලනය කළේය.
බන්ධනාගාරයෙන් නිදහස් වී යන ලුලා මහතා රැස්ව සිටි පාක්ෂිකයින් අමතමින් පවසා ඇත්තේ තම නිර්දෝශීභාවය ඉතා ඉක්මණින් ඔප්පු කරන බවයි.
පසුගිය වසරේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලුලා මහතා ජයගනු ඇතැයි අපේක්ෂා කළද සිරගතවීම හේතුවෙන් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි විය.
ජනාධිපතිවරණය ජයගනු ලැබුයේ අන්ත දක්ෂිණාංශික ජයිර් බොල්සනාරෝ විසිනි.

(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීලයේ හිටපු ජනපතිවරයෙක් වූ ලියිස් ලුලාට නිදහස
de silva berlin Sunday, 10 November 2019 02:58 AM
මට හිතෙන්නේ එහෙ ක්‍රියාත්මක වෙන්නෙත් අර හම්බන්තොට සභාපතිට සහ සිල් හොරාට මෙහෙ ක්‍රියාත්මක වුන නීතියට සමාන දෙයක්. ලොකු ලොකු දේශපාලකයන් අවරුදු 10 ක් හිරේ ගියොත් එක අවුරුද්දෙන් නිදහස් වෙලා ගෙදර එන්න පුළුවන්. සාමාන්‍ය මනුෂ්‍යය ඇතුලේ.