සජීවී අවමංගල්‍ය අත්දැකීමක් ලබා දීම තුළින් ජීවිත යහපත් කිරීම අරමුණු කර ගත් සේවාවක් දකුණු කොරියාවේ පවත්වාගෙන යනු ලබයි.
අවමංගල්‍ය ඡායාරූප ගැනීම, අන්තිම කැමති පත්‍ර සැකසීම සහ මිනී පෙට්ටියක වැතිරී සිටීම වැනි අවමංගල්‍යයකට සම්බන්ධ සියලු කටයුතු පිළිබඳ අත්දැකීම් මෙහිදී සේවාලාභීන්ට සැපයේ.
හ්යෝවොන් සුවසේවා මධ්‍යස්ථානයේ ඒ සඳහා පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් සේවය කරති.
මරණය පිළිබඳ අත්දැකීම ලබාදීම තුළින් ජීවිතය නව ප්‍රවේශයකින් ඇරඹිය හැකි බව එම අත්දැකීම ලැබූ පුද්ගලයෙක් පැවසීය.
තරුණ වයස්වල පසුවන්නන්ගේ සිට විශ්‍රාමිකයින් දක්වා විවිධ වයස්වල පසුවන ඕනෑම අයෙකුට මෙම සේවය ලබා ගත හැකිය.
කෙසේ වුවත් තරුණ වයස්වල පසුවන්නන් මීට සහභාගි වීම තුළින් ඔවුන්ගේ ඉදිරි ජීවිතය වඩාත් සැලසුම් සහගතව පවත්වාගෙන යෑමට පිටිවහලක් ලැබෙන බව මෙම සේවාවේ නිර්මාතෘවරු පවසති.
-226-
(රොයිටර් ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජීවත්ව සිටියදී අවමංගල්‍යයක අත්දැකීම් ලබාදෙන සේවාවක්
sampath Wednesday, 06 November 2019 11:04 AM
පැරැන්ණන් පෙට්ටියක් හදලා ගෙදර තියන් හිටියා. දැන් වගේ මල් ශාලා බහුල නොවුනු ඒ කාලේ එහෙම කරන්න උනා. ඉස්සර අය මරණයටත් කලින් සුදානම් උනා. දැන් අපේ අය කිසි දෙකට සුදානමක් නෑ.