බංගලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
ඩකා නගරයෙන් කිලෝමීටර් 60 ක් පමණ දුරින් පිහිටි බ්‍රහ්මන්බාරියාහිදී මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ චිතගොන් වරාය නගරය වෙත ගමන් කරමින් තිබූ දුම්රියක් සහ ඩකා නගරය වෙත ගමන් කරමින් තිබූ දුම්රියකි.
අනතුරින් එක් දුම්රියක මැදිරි තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර බලධාරීන් පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.
අනතුරට හේතුව අනාවරණය වී නොමැති බවත් බොහෝවිට එක් දුම්රියක් සංඥා අනුගමනය නොකිරිම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd