බංගලාදේශයේ සහ ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ වෙත කඩා වැදුණු ‘බුල්බුල්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් මිලියන දෙකකට වැඩි පිරිසක් අවතැන් වී තිබේ.
පැයට කිලෝමීටර් 120 ක පමණ වේගයෙන් සුළං හමා ගිය බවත් සිදුවූ අනතුරු වලින් බොහෝ පිරිස් තුවාල ලබා ඇති බවත් බලධාරීහු පවසති.
බංගලාදේශයේ ජීවිත 6 ක් අහිමි වී ඇති අතර එයින් 5 දෙනෙකු ගස් කඩාවැටීම හේතුවෙන් මිය ගොස් ඇත.
මේ අතර ධීවරයින් 30 දෙනකු රැගෙන මුහුදට ගිය යාත්‍රා දෙකක් නැවත නොපැමිණීම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි බංගලාදේශයේ බෝලා දිස්ත්‍රික්ක බලධාරීහු පවසති.
බංගලාදේශයේ මොන්ග්ලා හා චිතගොන් ඇතුළු වරායන් ද චිතගොන් ගුවන්තොටුපළද වසා දමා තිබෙන බව එරට බලධරයෝ සඳහන් කරති.
කල්කටා ගුවන්තොටුපළ සහ තවත් ගුවන්තොටුපළවල් ගණනාවක සහ වරායන් බොහොමයක කටයුතු අත්හිටුවා ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති.
කාළගුණ අංශ සඳහන් කරන්නේ කුණාටුව මේවනවිට දුර්වල වෙමින් පවතින බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘බුල්බුල්’ නිසා මිලියන දෙකක පිරිසක් අවතැන්