බංගලාදේශයේ සහ ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ වෙත කඩා වැදුණු ‘බුල්බුල්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් මිලියන දෙකකට වැඩි පිරිසක් අවතැන් වී තිබේ.
පැයට කිලෝමීටර් 120 ක පමණ වේගයෙන් සුළං හමා ගිය බවත් සිදුවූ අනතුරු වලින් බොහෝ පිරිස් තුවාල ලබා ඇති බවත් බලධාරීහු පවසති.
බංගලාදේශයේ ජීවිත 6 ක් අහිමි වී ඇති අතර එයින් 5 දෙනෙකු ගස් කඩාවැටීම හේතුවෙන් මිය ගොස් ඇත.
මේ අතර ධීවරයින් 30 දෙනකු රැගෙන මුහුදට ගිය යාත්‍රා දෙකක් නැවත නොපැමිණීම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි බංගලාදේශයේ බෝලා දිස්ත්‍රික්ක බලධාරීහු පවසති.
බංගලාදේශයේ මොන්ග්ලා හා චිතගොන් ඇතුළු වරායන් ද චිතගොන් ගුවන්තොටුපළද වසා දමා තිබෙන බව එරට බලධරයෝ සඳහන් කරති.
කල්කටා ගුවන්තොටුපළ සහ තවත් ගුවන්තොටුපළවල් ගණනාවක සහ වරායන් බොහොමයක කටයුතු අත්හිටුවා ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති.
කාළගුණ අංශ සඳහන් කරන්නේ කුණාටුව මේවනවිට දුර්වල වෙමින් පවතින බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd