අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ බිරිඳ අල්ලාගත් බව තුර්කි ජනාධිපතිවරයා අද (6) පස්වරුවේ පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ බලකා අයි.එස්. නායකයා අල්ලා ගැනීමට මෙහෙයුම් කර සතියකට පසු තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන් ඒ බව කීය. ඇමෙරිකා හමුදා කරන ලද එම මෙහෙයුම අතරවාරයේදී සිය මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි මරුමුවට පත්විය.
අල් බැග්ඩෑඩිට බිරින්ඳෑවරුන් සිවුදෙනකු සිටි බව පැවසේ. “ඇමෙරිකාව උමං මාර්ගයකදී බැග්ඩෑඩි මරා දැමුවා. ඔවුන් ඒ ගැන දැවැන්ත ප්‍රචාරයක් කළා” යැයි තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන් කීවේය.
“මං අද පළමු වතාවට ප්‍රකාශ කරනවා. අපි බැග්ඩෑඩිගේ බිරිඳ අල්ලා ගත්තා. හැබැයි අපි ඇමෙරිකාව වගේ කලබල වුණේ නැහැ. සද්ද බද්ද කළේ නැහැ. අල් බැග්ඩෑඩිගේ බිරිඳ විතරක් නෙවෙයි, අපි අල් බැග්ඩෑඩිගේ සහෝදරිය සහ මස්සිනා ද අල්ලා ගත්තා” යැයි අන්කාරා විශ්ව විද්‍යාලයේ දී කතාවක් කරමින් පැවැසීය. කෙසේ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහන් නොකළේය.
ඒ.එෆ්.පී. සහ රොයිටර්ස්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd