ස්ලෝවැකියාවේ බටහිර නීට්‍රා නගරය ආසන්නයේදී බස් රථයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරින් බොහෝ පිරිස් තුවාල ලබා ඇත.

තුවාල ලැබූ අය අතර බරපතල තත්ත්වයේ පසුවන කිහිපදෙනකු සිටින බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බව බලධාරීහු පවසති.

පොලිසිය පවසන්නේ බස් රථයට යටවී බොහෝ පිරිස් සිටින බවයි.

තුවාල ලැබූවන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් හා ගිනි නිවන භටයන්ද එම ස්ථානයට යවා ඇත.

අනතුරට හේතුව අනාවරණය  වී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)