හොංකොං කෘතිම දිවයිනක් නිර්මාණය කිරීමට සැරසෙයි හොංකොං රාජ්‍යය කෘතිම දිවයිනක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 20 March 2019
ජෙට් එයාර්වේස් රැකගන්න ඉන්දියාව එරට බැංකුවලින් සහය ඉල්ලයි පෞද්ගලික ගුවන් සේවා සමාගමක් වන ‘ජෙට් එයාර්වේස්’ සමාගම බංකොලොත් වීම වළක්වා ගැනීම සඳහා සහාය වන්නැයි ඉන්දීය ආණ්ඩුව එරට රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 19 March 2019
චීන භාණ්ඩවලට ඉන්දීය ව්‍යාපාරිකයෝ ගිනි තබති චීනයේ වෙළෙඳ සහ විදේශ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සහ චීන නිෂ්පාදනවලට ආනයන බදු පනවන්නැයි බල කරමින් ඉන්දීය ව්‍යාපාරිකයෝ අද (19) චීන භාණ්ඩවලට ගිනි තැබූහ. 19 March 2019
රජිව් ගාන්ධි ඝාතනය කළ වැරදිකරුවන් නිදහස් කරනවා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වැරැදිකරුවන් වී එරට සිරදඬුවම් විඳිමින් සිටින හත්දෙනා නිදහස් කරන බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් සියලු දෙනාටම පුරවැසිභාවය ලබාදෙන බවත් එම ප්‍රාන්තයේ ද්‍රවිඩ මුනේත්ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වමින් සඳහන් කර ඇත. 19 March 2019
ලිබියාවේ සරණාගයින් රැගත් බෝට්ටුවක් මුහුදේ ගීලි 10 ක් මරුට සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවේ සබ්රතා නගරයට ආසන්න මුහුදේදී ගිලී යෑමෙන් 10දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 19 March 2019
වෙනිසියුලාව ඉන්දියාවට තෙල් අපනයනය අත්හිටුවයි ඉන්දියාවට තෙල් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා දැමීමට වෙනිසියුලාව තීරණය කර ඇත. 19 March 2019
තල්මස් සිරුරේ ප්ලාස්ටික් කිලෝ 40ක් පිලිපීනයේ ඩවාවෝ නගරයට නැගෙනහිරින් පිහිටි වෙරළ තීරයක තිබී හමුවූ මියගිය තල්මසකුගේ ආමාශයේ ප්ලාස්ටික් බෑග් කිලෝග්‍රෑම් 40ක් තිබී හමුවූ බව පර්යේෂකයෝ සඳහන් කරති. 19 March 2019
ඇමරිකාවේ ප්‍රාන්ත පහක ගංවතුරෙන් 3ක් මරුට ඇමරිකාවේ ප්‍රාන්ත පහකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඇතිවූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් මරණ තුනක් ද වාර්තා වී ඇතැයි බලධාරීහු පවසති. 19 March 2019
ඉන්දියාවේ පැවැති විරෝධතාවයකින් අයෙක් මරුට ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ඇලුමීනියම් කර්මාන්ත ශාලාවක පැවැති විරෝධතාවයකදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත. විරෝධතාවයේ යෙදුන සේවක පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම් වලදී මොහු මියගිය බව කර්මාන්ත ශාලාවේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි. 18 March 2019
නවසීලන්තය ගිනි අවි නීති ප්‍රතිසංස්කරණයට සැරසේ ගිනි අවි සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණවලට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් මහත්මිය පැවසුවේය. 18 March 2019
මාලි රාජ්‍යයේ හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයකින් 21 ක් මරුට මධ්‍යම මාලියේ හමුදා කඳවුරක් අරමුණු කරගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් 21 දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 18 March 2019
සුලි කුණාටුවකින් සිම්බාබ්වේ පුද්ගලයින් 31 ක් මරුට සිම්බාබ්වේහි නැගෙනහිර ප්‍රදේශය හරහා හමා ගිය ඉඩායි සුළිකුණාටුව හේතුවෙන් 31දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 18 March 2019
ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 58 ක් මරුට ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 58 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 18 March 2019
ඉන්දියාව - පාකිස්තානය එකිනෙකාට මිසයිල ප්‍රහාර දියත් කරන්න සූදානමින් ඉඳලා ඉන්දු පාකිස්තාන අර්බුදය උග්‍ර අතට හැරුණු පසුගිය සති කිහිපයේදී රටවල් දෙක එකිනෙකාට මිසයිල ප්‍රහාර දියත් කිරීමට සූදානමින් සිටි බව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග අනාවරණය කරයි. 17 March 2019
පාකිස්ථානයේ දුම්රිය මාර්ගයක බෝම්බයක් පිපිරීමෙන් 4ක් මරුට පාකිස්ථානයේ දුම්රිය මාර්ගයක බෝම්බයක් පිපිරීමෙන් 4 දෙනෙක් මිය ගොස් 10 දෙනෙක් තුවාල ලබා ඇත. 17 March 2019
ක්‍රයිස්ට්චර්ච් සිද්ධියේ වීඩියෝ දර්ශන මිලියන 1.5ක් ෆේස්බුක් මකාදමයි නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයේ සිදු වූ ඩෙවිතැබීම සම්බන්ධ වීඩියෝ දර්ශන මිලියන 1.5ක් ප්‍රහාරය සිදු වී පැය 24 තුළ ඉවත් කර බව ෆේස්බුක් ආයතනය පවසයි. 17 March 2019
උතුරු චීනයේ නායයාමකින් 7 ක් මරුට උතුරු චීනයේ ෂැන්සි පළාතේ නාය යාමකින් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 March 2019
ඊශ්‍රායලයේ එල්ල වූ ප්‍රහාරයට පිළිතුරු ලෙස ගාසා තීරයට ගුවන් ප්‍රහාර ඊශ්‍රායලයේ තෙල් අවිව් නුවරට එල්ල කරන ලද රොකට් ප්‍රහාර දෙකට පිළිතුරු වශයෙන් ගාසා තීරයේ පලස්තින ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළබව ඊශ්‍රායල බලධාරීහු පවසති. 15 March 2019
ලොකයේ නගර කිහිපයක සිසුන් ලන්ඩන් නුවර විරෝධතාවයක දේශගුණික විපර්යාසයන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට පාලකයන් අපොහොසත් වීමට එරෙහිව ලොවපුරා නගර බොහොමයක පාසැල් සිසුන් අද (15) පාසැල් වලින් පිටතට පැමිණ වීථි බැස විරෝධතා දැක්වූහ. 15 March 2019
රුසියානු ගුවන් ප්‍රහාරයකින් සිරියානුවැසියන් 13 ක් මරුට රුසියානු ගුවන් ප්‍රහාරයකින් සිරියානු සිවිල් වැසියන් 13 දෙනෙක් මරණයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 March 2019
නයිජීරියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටී 10ක් මරුට නයිජීරියාවේ ලාගොස් නගරයේ පාසලක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 13 March 2019
බොයිං 737 ගුවන් යානාවලට ඉන්දියාවේ ගුවන් සීමාව තහනම් ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන ‘බොයිං 737 මැක්ස්’ ගුවන් යානාවලට තමන් ගුවන් සීමාව තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 13 March 2019
අභිනන්දන්ගේ ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන්නැයි නියෝග පාකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් නියමුවාගේ ඡායාරූප සහිත දැන්වීම් ෆේස් බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන ලෙස ඉන්දියානු මැතිවරණ කොමිසම නියෝග කර තිබේ. 13 March 2019
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුම දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ඉදිරිපත් කළ යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ ගිවිසුම දෙවන වරටත් බහුතර ඡන්දයකින් ප්‍රතික්ෂේප වී ඇති බව විදෙස් මාධ්‍ය වරේතා කරයි. 13 March 2019
බෝයිං 737 ගුවන් යානා භාවිතයට නොගැනීමේ තීරණයක් ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ‘බෝයිං 737 මැක්ස්’ වර්ගයේ ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර ඇත. 13 March 2019
‘‘දුගීබව තුරන් කරන්න ඇත්තේ වසර 2 ක් පමණයි‘‘ වසර 2020 වනවිට “අන්ත දුගීබව” රටින් තුරන් කිරීමේ අරමුණ ඉටු කරගැනීමට ඇත්තේ තවත් වසර දෙකක් බැවින් ඊට එරෙහිව සටන් වැදීම සඳහා පියවර ගත යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා පැවැසීය. 12 March 2019
යේමනයේ ගුවන් ප්‍රහාරවලින් 22දෙනෙක් මරුට යේමනයේ උතුරු දිග හජා පළාතේ කුෂාර් දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 22දෙනෙකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 12 March 2019
බ්‍රසීලයේ ගංවතුරින් 11 ක් මරුට බ්‍රසීලයේ සාවෝ පාවුලෝ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 12 March 2019
ට්‍රම්ප් ආරක්ෂක වියදම් සියයට 4ක් ඉහළ නංවයි ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් ආරක්ෂාව සඳහා කෙරෙන වියදම සියයට 4කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. 11 March 2019
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 15 ක් මරුට මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. 10 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026