
කෙන්යාවේ බටහිර පොකොට් ප්‍රාන්තයේ නායයෑම් වලින් පුද්ගයන් 24දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර ළමයින් හත්දෙනකු ද සිටින බව බලධාරීහු පවසති.
නයාර්කුලියන් සහ පරුවා ගම්මාන වලට ඇද වැටුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම් සිදුවී ඇත.
පාලම් ගසාගෙන ගොස් ඇති බවත් මාර්ග වතුරින් යට වීම හේතුවෙන් ගමනාගමනය ඇණහිට ඇති බවත් සඳහන් වේ.
අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති අතර දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් සෙවීම් වලට බාධා එල්ලවී ඇත.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd