තුර්කියේ බන්ධනාගාරවල මාධ්‍යවේදීන් 120කට වැඩි පිරිසක් තවමත් රඳවා සිටින බව ගෝලීය මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායමක් පවසති.
එසේම වසර දෙකක් පුරා පැවති හදිසි තත්ත්වය පසුගිය වසරේ ඉවත් කළද රටේ ජනමාධ්‍යවල තත්ත්වය යහපත් අතට හැරී නොමැති බවද ඔවුහු පවසති.
2016 වර්ෂයේ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසු තුර්කිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.
කුමන්ත්‍රණයෙන් පසු සිය ගණනක් මාධ්‍යවේදින්ට නඩු පවරා ඇති අතර ඒවා බොහෝමයක් ත්‍රස්තවාදී චෝදනා මත පවරා ඇති නඩු වේ.
"මෙම සංඛ්‍යා ලේඛන පිටුපස ඇත්තේ අතිශය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කතාවකි. ත්‍රස්තවාදය සම්බන්ධව බරපතලම චෝදනා මත මාධ්‍යවේදීන් දුසිම් ගණනක් මාස ගනනක් තිස්සේ රඳවාගෙන සිටියි.
සමහර නඩු වසර ගණන් විභාග වෙමින් පවතී. බොහෝ අවස්ථාවලදී නිල අධි චෝදනා පත්‍රයක් හෝ නොමැතිව රඳවාගෙන සිටින බව සඳහන් වේ" යැයි නිරීක්ෂකයෝ පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියේ මාධ්‍යවේදීන් 120ක් බන්ධනාගාරවල