ව්‍යාජ පුවත් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා සිංගප්පූරුව පසුගිය මාසයේදී හඳුන්වා දුන් නීතිය ප්‍රථම වරට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව සිංගප්පූරුවේ විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකු වන බ්‍රැඩ් බෝයර් මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ තොරතුරක් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාවට නංවා ඇත.

ඉන්දියාවේ නාගරික සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇති සමාගම් සිංගප්පූරු රජයේ අරමුණු මත ක්‍රියාකරන බව බෝයර් මහතා නොවැම්බර් මුල් දිනවලදී ෆේස්බුක් සමාජ මාධ්‍යයේ තැබූ සටහනකින් පවසා තිබුණි.

කෙසේ වෙතත් රජය මෙම ආයෝජන පිටුපස නොමැති බව රජයේ බලධාරීහු පැවසූහ. ව්‍යාජ පුවත්වලට එරෙහි පනතේ ප්‍රතිපාදන අනුව කරන ලද ඉල්ලීමකින් පසු අදාළ තොරතුර නිවැරදි කිරීමේ දැන්වීමක්  බ්‍රැඩ් බෝයර් මහතා පළකර තිබේ.

ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් මැඩපැවැත්වීම සඳහා මෙම නව නීතිය භාවිත කළ හැකි බවට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිවිල් සමාජ සංවිධාන පවසයි.

(ද ගාඩියන් ඇසුරෙනි)

-226-