ෆේස්බුක් සමාගම විසින් පසුගිය මාස හයක කාලය තුළ ව්‍යාජ ගිණුම් බිලියන 3.2ක් ඉවත් කළ බව එම සමාගම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
2018 වසරේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉවත් කරන ලද ව්‍යාජ ගිණුම් සංඛ්‍යාවට වඩා මෙම වසරේ ඉවත් කළ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි බවද ඔවුහු සඳහන් කරති.
එසේම ළමා අපයෝජන සහ සියදිවි නසාගැනීම් නිරූපණය කරන පළ කිරීම් මිලියන ගණනක් ද ඉවත් කර ඇත.
සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය අලෙවියට සම්බන්ධ පළකිරීම් මිලියන 4.4ක් ද ඉවත් කළ බවයි.
සමාජ ජාලයේ ක්‍රියාකාරී පරිශීලකයෙකු විමට අවස්ථාවක් ලැබීමට පෙර ව්‍යාජ ගිණුම් සියල්ලම පාහේ හඳුනා ගන්නා බවත් පරිශීලක ගිණුම් වලින් 5%ක් පමණ ව්‍යාජ ඒවා බවත් ෆේස්බුක් සමාගම පවසයි.
වෛරී ප්‍රකාශ, ළමා නිරුවත, නීති විරෝධී ගිනි අවි සහ අන්තවාදී අන්තර්ගතයන් බොහොමයක් ද ඉවත් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 3.2ක් ඉවත් කරයි