ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට එරෙහිව එරට නීතිපතිවරයා විසින් අල්ලස්, වංචා, විශ්වාසය කඩකිරීම් සහ දූෂණ ක්‍රියා සම්බන්දයෙන් අධි චෝදනා ගොනුකර ඇතැයි වාර්තා වේ.
සේවයේ යෙදී සිටින ඊශායල අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව චෝදනා එල්ල කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බවත් නෙතන්‍යාහුගේ දීර්ඝ කාලීන දේශපාලන ජීවිතයේ බරපතලම අර්බුදය මෙය බවත් මාධ්‍ය සඳහන් කරයි.
තමාට එල්ල කර ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර ඉල්ලා අස් නොවන බවත් මේ සම්බන්දව අදහස් දක්වමින් නෙතන්‍යාහු මහතා පවසා ඇත.
තමා දේශපාලන මායාකාරියකගේ දඩයමක ගොදුරක් බවට පත්වූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.පසුගිය අප්‍රේල් මාසයේ සිට අවිනිශ්චිත මැතිවරණ දෙකකට මුහුණ දුන් නෙතන්‍යාහුට සති කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත තෙවන මැතිවරණය තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙම චෝදනා වලට නෙතන්‍යාහු මහතා වරදකරු වුවහොත් දීර්ඝ කාලීන සිරදඬුවමක් නියම වියහැකි අතර එය ඔහුගේ විරුද්ධවාදීන්ට ප්‍රබල අවියක් වනු ඇතැයි ද පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායල අගමැතිට අධි චෝදනා ගොනු කරයි
ranabahu Friday, 22 November 2019 07:05 AM
අන්න රටවල්.......
රවින් Friday, 22 November 2019 07:58 AM
දේශපාලුවන්ගේ බයිලා. චෝදනාවක් තියනවානම් තම නිවැරදි භාවය ඔප්පු කරනවා මිසක් මායාවල් ගැන කතාකිරීම නිෂ්ඵල කරුණක්. කොහොමත් මොහු අන්තවාදී අදහස් ඇති පුද්ගලයෙක්.