ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට එරෙහිව එරට නීතිපතිවරයා විසින් අල්ලස්, වංචා, විශ්වාසය කඩකිරීම් සහ දූෂණ ක්‍රියා සම්බන්දයෙන් අධි චෝදනා ගොනුකර ඇතැයි වාර්තා වේ.
සේවයේ යෙදී සිටින ඊශායල අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව චෝදනා එල්ල කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බවත් නෙතන්‍යාහුගේ දීර්ඝ කාලීන දේශපාලන ජීවිතයේ බරපතලම අර්බුදය මෙය බවත් මාධ්‍ය සඳහන් කරයි.
තමාට එල්ල කර ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර ඉල්ලා අස් නොවන බවත් මේ සම්බන්දව අදහස් දක්වමින් නෙතන්‍යාහු මහතා පවසා ඇත.
තමා දේශපාලන මායාකාරියකගේ දඩයමක ගොදුරක් බවට පත්වූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.පසුගිය අප්‍රේල් මාසයේ සිට අවිනිශ්චිත මැතිවරණ දෙකකට මුහුණ දුන් නෙතන්‍යාහුට සති කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත තෙවන මැතිවරණය තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙම චෝදනා වලට නෙතන්‍යාහු මහතා වරදකරු වුවහොත් දීර්ඝ කාලීන සිරදඬුවමක් නියම වියහැකි අතර එය ඔහුගේ විරුද්ධවාදීන්ට ප්‍රබල අවියක් වනු ඇතැයි ද පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න රටවල්.......
දේශපාලුවන්ගේ බයිලා. චෝදනාවක් තියනවානම් තම නිවැරදි භාවය ඔප්පු කරනවා මිසක් මායාවල් ගැන කතාකිරීම නිෂ්ඵල කරුණක්. කොහොමත් මොහු අන්තවාදී අදහස් ඇති පුද්ගලයෙක්.