සිය ආසියානු සංචාරයේ දෙවන අදියර ලෙස ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (23) ජපානයට පැමිණ තිබේ.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත න්‍යෂ්ටික විරෝධී පණිවුඩය රැගෙන යාමයි.

එම නගර වෙත එල්ලවූ න්‍යෂ්ටික ප්‍රහාරයෙන් දිවි ගලවාගත් කිහිපදෙනකු හමුවීමටද
ශුද්ධෝත්තම පාප්වහන්සේ මෙම සංචාරයේ දී බලාපොරොත්තු වන බව සඳහන් වේ.

2011 වසරේ න්‍යෂ්ටික බලාගාරයක කාන්දුවකින් මහත් ව්‍යසනයක් සිදුවූ ෆුකුෂිමා වෙතද
ශුද්ධෝත්තම පාප්වහන්සේ සංචාරය කරනු ඇතැයි පැවසේ.

"මිනිස් ඉතිහාසයේ මෙම ඛේදජනක සිද්ධීන්හි තුවාල තවමත් දරා සිටින පුද්ගලයින් හමුවීමට මා කැමතියි," යනුවෙන් පාප්තුමා පවසා ඇත.

තායිලන්තයේ සංචාරයෙන් පසු ජපානයට පැමිණි
ශුද්ධෝත්තම පාප්වහන්සේ එහි දින 4ක් ගත කරනු ඇති අතර ජපාන ජනගහනයෙන් සියයට එකක් පමණ වන කිතුනු ප්‍රජාව දිරිමත් කිරීමට ද නරුහිතෝ අධිරාජයා හමුවීමට ද සැලසුම් තිබේ.




(රොයිටර් පුවත් ඇසුරිණි - 085)