IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පාප්වහන්සේ ජපානයට සම්ප්‍රාප්ත වෙයි

සිය ආසියානු සංචාරයේ දෙවන අදියර ලෙස ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (23) ජපානයට පැමිණ තිබේ.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත න්‍යෂ්ටික විරෝධී පණිවුඩය රැගෙන යාමයි.

එම නගර වෙත එල්ලවූ න්‍යෂ්ටික ප්‍රහාරයෙන් දිවි ගලවාගත් කිහිපදෙනකු හමුවීමටද
ශුද්ධෝත්තම පාප්වහන්සේ මෙම සංචාරයේ දී බලාපොරොත්තු වන බව සඳහන් වේ.

2011 වසරේ න්‍යෂ්ටික බලාගාරයක කාන්දුවකින් මහත් ව්‍යසනයක් සිදුවූ ෆුකුෂිමා වෙතද
ශුද්ධෝත්තම පාප්වහන්සේ සංචාරය කරනු ඇතැයි පැවසේ.

"මිනිස් ඉතිහාසයේ මෙම ඛේදජනක සිද්ධීන්හි තුවාල තවමත් දරා සිටින පුද්ගලයින් හමුවීමට මා කැමතියි," යනුවෙන් පාප්තුමා පවසා ඇත.

තායිලන්තයේ සංචාරයෙන් පසු ජපානයට පැමිණි
ශුද්ධෝත්තම පාප්වහන්සේ එහි දින 4ක් ගත කරනු ඇති අතර ජපාන ජනගහනයෙන් සියයට එකක් පමණ වන කිතුනු ප්‍රජාව දිරිමත් කිරීමට ද නරුහිතෝ අධිරාජයා හමුවීමට ද සැලසුම් තිබේ.




(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

පාප්වහන්සේ ජපානයට සම්ප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site