ඊජිප්තුවේ නයිල් ඩෙල්ටා ගම්මානයේ ගෑස් නලයක කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ගින්නකින් පුද්ගලයින් හත්දෙනකු මියගොස් 16දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
නල මාර්ගයෙන් ගෑස් සොරකම් කිරීමට යම්කිස් පිරිසක් උත්සාහ ගෙන ඇති බවත්, එයින් ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිවූ බවත් පොලිසිය පවසයි.
ප්‍රාදේශීය වාර්තා පවසන්නේ මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි අගයක් ගන්නා බවයි. ප්‍රදේශයේ රෝහල තුවාලකරුවන්ගෙන් පිරීගොස් ඇති බවද ඔවුහු පවසති.
තාක්ෂණික කණ්ඩායමක් එම ස්ථානයට යවා කාන්දුව පාලනය කළ බව පෙට්‍රෝලියම් නල මාර්ග සමාගමේ ප්‍රධානී සඳහන් කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd