කොංගෝවේ ජනාකීර්ණ නගරයකට ගුවන් යානයක් කඩා වැටී අද සිදුවූ අනතුරකින් භූමියේ සිටි පුද්ගලයින් ද ඇතුළුව 27 දෙනෙකු මරණයට පත්වී තිබේ.
උතුරට කිලෝමීටර් 250 ක් පමණ වන්නට පිහිටි බෙනී නගරයට ගමන් කිරීම සඳහා ගුවන්ගතවී සුළු මොහොතකට පසු ගොමා නගරයට යානය කඩා වැටී තිබුණි.
පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානයේ මගීන් 16 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු ගමන් කර තිබේ.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පැවසුවේ යානය දුමාරයක් පිටකරමින් ගුවනේදී තුන්වරක් කැරකී නිවසකට කඩා වැටුණු බවයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

-226-
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd