අන්තර්ජාල වංචා සිදු කළ බවට සැකකරන චීන ජාතිකයින් 680 දෙනකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු බලධාරීහු පවසති.

ආගමන විගමන නිලධාරීන් විස්න සයිබර්ජයාහී ආරක්ෂිත ස්ථානයක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් 100ක් පමණ පැන ගොස්  ඇති අතර තවත් පිරිසකට තුවාල සිදුවී තිබේ.

මෙම කල්ලිය මාස හයක පමණ කාලයක් සිය මෙම ජාවාරමේ නිරතවී ඇතැයි විශ්වාස කෙරේ.

සියලුම ගනුදෙනු 'වීචැට් පේ' හෝ චීන බැංකු හරහා සිදුකර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය චීන ජාතිකයින් විසින් මෙතෙක් මැලේසියාවේ සිදුකරන ලද විශාලම අන්තර්ජාල වංචාව බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)