චීනයේ හුවාවි ආයතනය සමඟ ව්‍යාපාර කටයුතු කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනයට අමෙරිකානු රජයෙන් අවසර හිමිවෙයි.
මයික්‍රොසොෆ්ට් ආයතනය කළ ඉල්ලීමක් අනුව අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ඊට අවසර ලබාදී තිබේ.
අමෙරිකානු රජයේ මෙම තීරණය අගය කරන බව මයික්‍රොෙසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙක්
පැවසීය.
චීනයේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන හුවාවි ආයතනය සමග නැවත ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට මෙම සතියේදී අවසර ලැබෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පැවසීය.
ඒ අනුව හුවාවි ආයතනය සමඟ ව්‍යාපාර කටයුතු සිදුකිරීමට ආයතන කිහිපයකට බලපත්‍ර ලබාදීමේ කටයුතු අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
මේ වන විට ඒ සඳහා ඉල්ලීම් 300 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
-226-
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd