IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇල්බේනියාවේ භූ කම්පනයකින් 6ක් මරුට

ඇල්බේනියාවේ සිදුවූ ප්‍රබල භූමි කම්පාවකින් පුද්ගලයින් සයදෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අද(26) අලුයම් කාලයේ ඇතිවූ මෙම භූ කම්පනයෙන් ටිරානා අගනුවර සහ අවට ප්‍රදේශවල ගොඩනැගිලි කඩාවැටී මහත් අලාභ හානි සිදුවී ඇත.

එය රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක් බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.

කම්පන කේන්ද්‍රය ටිරානා අගනුවරට කිලෝමීටර් 30ක් බටහිරින් හා කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා තිබිණි.

මාස දෙකක් ඇතුළත මෙම කලාපයට බලපෑ දෙවන භූ කම්පනය මෙය බව මාධ්‍ය සඳහන් කරයි.
 
ප්‍රධාන කම්පනයෙන් පැය තුනකට පසු ඇතිවූ  පසු කම්පනයකින් ඔටෝමාන් නගරය ම සෙලවී ගිය බව බලධාරීහු පවසති.

ග්‍රීසිය හා මැසිඩෝනියාව අතර ආද්‍රියාතික් හා අයෝනියන් මුහුදු ආශ්‍රිතව පිහිටා ඇති ඇල්බේනියාව නිරන්තරයෙන් භූ කම්පනයන්ට ලක්වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇල්බේනියාවේ භූ කම්පනයකින් 6ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site