IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කෙන්යාවේ නායයෑම් වලින් 56 ක් මරුට

කෙන්යාවේ සිදුවූ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

උගන්ඩා දේශ සීමාවේ පිහිටි බටහිර පොකොට් ප්‍රාන්තයට පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නාය යෑම් සිදුවිය.

මේ වනවිට ගංවතුර හා මඩ නායයෑම් හේතුවෙන් පාලම් හතරක් ගසාගෙන ගොස් ඇති අතර ගම්මාන වලට පිවිසෙන මාර්ග අවහිර වී තිබේ.

අතුරුදන්වූ සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි දත්ත ලැබී නොමැති බවත් අධික වැසි සහිත මීදුම නිසා මුදවාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බවත් බලධාරීහු පවසති.

පොලිස් හෙලිකොප්ටර්යානා ගංවතුරට ලක්වූ ප්‍රදේශ වෙත ගමන් කරවීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ බව පැවසේ.

නැගෙනහිර අප්‍රිකාවේ අනපේක්ෂිත කාලගුණික රටාවන්ට හේතුව සාගර උණුසුම් වීම බව පර්යේෂකයෝ අනතුරු අඟවති. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

කෙන්යාවේ නායයෑම් වලින් 56 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site