IMG-LOGO

ඇමෙරිකානු හෙලිකොප්ටරයට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් දෙදෙනකු මියගිය බව ඇමරිකා එක්සත් ජනපද හමුදාව පවසයි.

හෙලිකොප්ටරය බිම දැමීමේ වගකීම ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානය විසින් බාරගෙන ඇති අතර කාබුල් අගනුවරට දකුණින් ලෝගාර් පළාතේදී එය බිම හෙලූ බව ඔවුහු පවසති.

තමන් වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඇමෙරිකානු චිනූක් හෙලිකොප්ටරය වෙඩි තබා විනාශ කළ බව තලේබාන් සංවිධානය සඳහන් කර ඇත.

කෙසේවුවද ඇමරිකාව මෙය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බවයි.

ඇෆ්ගන් රජය ද තලේබාන් සංවිධානයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත. 

තලේබාන් සංවිධානය විසින් රඳවාගෙන සිටි බටහිර ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු සඳහා ඇෆ්ගන් රජය විසින් රඳවාගෙන සිටි තලේබාන් අණදෙන නිලධාරීන් තිදෙනකු හුවමාරු කරගැනීමෙන් දිනකට පසු මෙම අනතුර සිදුව තිබේ. 

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමෙරිකානු හෙලිකොප්ටරයට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 629 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 354 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 495 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site