IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්තානු සාමය සුරැකීමට පාකිස්තානු - ඇමෙරිකා සහාය



ඇෆ්ගනිස්තානයේ සාමය සුරක්ෂිත කිරීම සඳහා එකමුතුව වැඩ කිරීමට පාකිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැති දුරකතන සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇති කරගෙන තිබේ.

එහිදි දෙරටේ නායකයන් දෙදෙනා ද්විපාර්ශවීය කරුණු සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී සමීප සාකච්ඡා පැවැත්වීමට ද එකඟතාව ඇති කරගෙන තිබේ.  

ඇෆ්ගනිස්තානයේ සිටින බටහිර ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමත් ඔවුන් ආරක්ෂිතව සිටීමත් සම්බන්ධයෙන් සතුට පළ කර ඇති පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ස්ථාවර සහ සාමකාමී ඇෆ්ගනිස්තානයක් වෙනුවෙන් පාකිස්තනය කැප වී සිටින බවත් සඳහන් කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම දුරකතන සංවාදයේදී ජම්මු හා කාශ්මීරයේ තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා කරුණු සැලකර තිබේ.


ඒ.එෆ්.පී/රොයිටර්ස්
- 055



අදහස් (0)

ඇෆ්ගනිස්තානු සාමය සුරැකීමට පාකිස්තානු - ඇමෙරිකා සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site