ඇෆ්ගනිස්තානයේ සාමය සුරක්ෂිත කිරීම සඳහා එකමුතුව වැඩ කිරීමට පාකිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැති දුරකතන සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇති කරගෙන තිබේ.

එහිදි දෙරටේ නායකයන් දෙදෙනා ද්විපාර්ශවීය කරුණු සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී සමීප සාකච්ඡා පැවැත්වීමට ද එකඟතාව ඇති කරගෙන තිබේ.  

ඇෆ්ගනිස්තානයේ සිටින බටහිර ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමත් ඔවුන් ආරක්ෂිතව සිටීමත් සම්බන්ධයෙන් සතුට පළ කර ඇති පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ස්ථාවර සහ සාමකාමී ඇෆ්ගනිස්තානයක් වෙනුවෙන් පාකිස්තනය කැප වී සිටින බවත් සඳහන් කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම දුරකතන සංවාදයේදී ජම්මු හා කාශ්මීරයේ තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා කරුණු සැලකර තිබේ.


ඒ.එෆ්.පී/රොයිටර්ස්
- 055