ඉරානයේ අන්තර්ජාල සම්බන්දතා අවහිර කර අදට දින පහක් ගතවී තිබේ.
 
ඉන්ධන මිල ඉහලයාම සම්බන්දව පැවති විරෝධතාවලින් පසුව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ රටපුරා අන්තර්ජාල සබඳතා අවහිර කිරීමට ඉරන බලධාරීහු පියවර ගත්හ. 
 
විදෙස් රටවල ජීවත්වන හෝ තවකාලිකව වි‍දෙස්ගතවි සිටින පවුල් වන සාමාජිකයන් හා මිතුරන් සමග සබඳතා පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් බොහෝ ඉරාන ජනයා අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තා වේ.
 
මිලියන 80ක ජනගහණයක් සිටින ඉරානයේ ක්‍රියා කළාපය සම්බන්ධව මේවනවිට ජාත්‍යන්තර අවධානය ද යොමුවී ඇත.
 
රටතුළ සහ රටින් පිටත අන්තර්ජාල සම්බන්දතා අහිමි වි ඇති අතර තාක්ෂණික සමාගම් පවසන්නේ එය ඉරානයේ මෙතෙක් නිරීක්ෂණය කළ විශාලම අන්තර්ජාල වසා දැමීම බවයි.
 
එය හානිකර උපාය මාර්ගයක් වන අතර භයානක පූර්වාදර්ශයන් සපයන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
 
මෙහිදි සමාජ ප්‍රතිවිපාක වලට අමතරව බරපතල ආර්ථික තත්ත්වයන් ද ඇතිවිය හැකි බව නිරීක්ෂකයෝ පවසති.
 
(බීබීසී ඇසුරිණි - 085)