ගිනිකඳු පිපිරීම් හේතුවෙන් පොළවේ අභ්‍යන්තරයේ වූ ලාවා ගලායන උමං මාර්ගයකට වැටී හවායි දුපතෙහි පුද්ගලයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
71 හැවිරිදි එම පුද්ගලයා අඩි 22ක් පමණ වන වළකට වැටී ඇති බවත් එය සෙන්ටිමීටර් 60ක් පමණ පළලින් යුතු බවත් පොලිසිය කියයි.
ගෙවත්තෙහි වූ විවරයෙන් මළ සිරුර ගොඩගැනීමට ගිනි නිවන භටයෝ සමත්වූහ.
ලාවා නළ සෑදෙන්නේ ලාවා සීතල වී ඝන තත්වයට පත්වුවද, එහි අභ්‍යන්තරය තවදුරටත් සීතවෙමින් පවතින තත්වයකදීය. ලාවා මුහුදට ගලායද්දී උමං සෑදෙන බවද ඇතැම් උමං බොහෝ දිගු බවද පැවසේ.
සෙමින් කාලයක් පුරා වර්ධනය වී සැකසෙන ගුහා මෙන් නොව ලාවා නළ සති හෝ දවස් ගණනකින් සෑදී සක්‍රීය වේ.
(බීබීසී ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd