බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි නැගෙනහිර රන් පතල් කම්කරුවන් පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් 37දෙනකු මියගොස් 60 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බවුන්ගූ ප්‍රදේශයේ පිහිටි පතලක් වෙත ගමන් කරමින් සිටි කම්කරුවන් පිරිසකට මෙසේ ප්‍රහාර එල්ලවී ඇත.
මෙම කම්කරුවන් ප්‍රවාහනය කළේ මිලිටරි ආරක්ෂාව සහිතව බව පතල් හිමිකරු වන සෙමාෆෝ පවසයි.
මෙය නාඳුනන සන්නද්ධ පිරිසක් සැඟවී එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවද ඔවුහු සඳහන් කරති.
ඉදිරියෙන් ගමන්ගත් ආරක්ෂක රථයේ පිපිරීමක් සිදුවූ බවද පසුව පැමිණි තුවක්කුකරුවන් විසින් වෙඩිතැබූ බවද හෙළිවී ඇත.
මෙය මෑත කාලයේ සිදුවූ මාරාන්තිකම ප්‍රහාරයක් ලෙස මාධ්‍ය සඳහන් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බර්කිනා ෆාසෝහි පතල් කම්කරුවන් 37 කට වෙඩි