කිරි ගවයින් තුළ ඇතිවන කලබලකාරී තත්ත්වය දුරු කිරීමට ගවයින්ගේ හිස්වල අතථ්‍ය යථාර්ථය පදනම් වූ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන උපාංගයක් සවිකිරීමේ වැඩපිළිවෙලක් රුසියාවේ ආරම්භ කර තිබේ.
කිරි අස්වැන්න සහ ගවයින්ගේ සංවේදනාවන් අතර සම්බන්ධයක් පවතින බව මොස්කව්හි කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යංශය සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව මූලික පර්යේෂණවලදී ගව පට්ටියේ චිත්තවේගී සංවේදනාවන් ඉහළ නංවා තිබේ.
මොස්කව්හි ගොවිපළක මෙම පර්යේෂණාත්මක අත්හදා බැලීම සිදුකර ඇත.
නිස්කලංක වාතාවරණයක් තුළදී කිරිවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යන බව විවිධ රටවල නිරීක්ෂණ ඇසුරෙන් පෙනී ගොස් තිබේ.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, පසුගිය ඡන්දෙන් ගෝඨාභය දිනුවේ නැතිනම් ඔයගැන සම්මන්ත්‍රණයක් තියන්න තිබුණා.. කොළඹ හෝටලේක ටයි, කොට් දාලා කිරි ගවයොත් ගෙන්නාගෙන...
එළදෙනුන්ට ඇතිවෙන මේ අවස්ථාව සාමාන්‍යයෙන් සෑම සතෙකුටම ඇතිවන පොදු අවස්ථාවක්. මේකට සිංහලෙන් කියන්නේ " ඇඟේ ලේ උණුවෙනවා කියලා. සමහර උදවිය කියනවා ඇඟේ මාළු නටනවා කියලා. "බියක් චකිතයක් ඇතිවූ අවස්ථාවලදී ශරීරය තුළ ඇතිවන ක්‍රියාකාරීත්වය (අඩ්රිනලින්) වැඩිවීමේ ප්‍රතිඵලයක්...
අපේ රටටත් මෙයින් 225ක් ගෙනාවා නම් හරි..
මේ ලිපියේ තියෙන "අතථ්‍ය යථාර්ථය" කියන එක වර්චුවල් රියැලිටි. තාක්ෂණික දේවල්වලට අදාලව වචන සිංහලට පරිවර්තනය කරන එක කොච්චර දුරට සාර්ථකද කියන එක ප්‍රශ්නයක්.. එ්ක නිසා එක්කෝ ඉංග්‍රීසි වචනයම හෝ වෙනත් තාක්ෂණය අර්ථවත් වෙන විදිහේ වචන හැදුවා නම් හරි.