ඉන්දියානු වෛද්‍යවරුන් විසින් කිලෝග්‍රෑම් 7.4ක් බර වකුගඩුවක් රෝගීයකුගේ සිරුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

සාමාන්‍ය වකුගඩුවක බර ග්‍රෑම් 150-120 අතර වන අතර මෙය ඉන්දියාවේ මෙතෙක් ඉවත් කරන ලද විශාලම වකුගඩුව බව වෛද්‍යවරු පවසති.

රෝගීයා වකුගඩුව ආශ්‍රීත රෝගයකින් පෙළෙමින් සිට ඇති අතර එහිදී ඉන්ද්‍රීය පුරා ගැටිති වර්ධනය වීම සිදුවේ.

වකුගඩුව විශාල වූ මෙවැනි රෝගීන් බහුලව හමුවන නමුත් මෙම රෝගියා ප්‍රතිජීවක වලට ප්‍රතිචාර නොදක්වන ආසාදනයකින් පෙළුණු අයෙකු බවත් ඒ හෙයින් වකුගඩුව ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණ බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ මෙතෙක් ඉවත් කර ඇති විශාලම වකුගඩුවේ බර කිලෝ ග්‍රෑම් 4.5කි.

ඉන්දියාවෙන් සොයාගත් වකුගඩුව ද ගිනස් කොමිසමට ඉදිරිපත් කිරීම සම්බන්ධව සළකා බලන බව බලධාරීහු පවසති.

(බීබීසී ඇසුරිණි - 085)